සමාන නැති නහයේ දිග වගේ
හැමෝටම පුලුවන් ආදෙරේ කරන්න. හැමෝම හොයන්නේ ආදරේ. කවිකාරයෝ වැඩිපුරම ලියන්නෙත් ආදරේ ගැන. ඒක මරු!! කතන්දරයක් වගේ! හරියට අපේ තාත්තා අපි නිදාගන්නකොට කිව්ව කතන්දරයක් වගේ. අවසානයක් අහන්න කලින් අපිට නින්ද යනවා. ආදරෙත් ඒ වගේ ඉවරයක් නැති එත් ආයෙත් පටන් ගන්න කතාන්දරයක්. " ඒකට මම කිව්වොත් මිරිගුවක් කියලා එකගද?" අපි මවාගන්නවා දෙයක්, මේක තමා ආදරේ කියලා. කොහෙන්වත් හොයාගන්න බැරි ආදරයක්. ඊට පස්සේ අපි මවාගත්තු මිරුඟුව පස්සේ දුවනවා. මේක තමා ආදරේ කියලා. දුව දුව ඉන්නකොට අපිට හම්බුනොත් හොදම ආදරේ. අපි නවතිවීද? නෑ අපි දුවනව අල්ලන්න බැරි මිරුඟුවක් අල්ලන්න.ඒකද ආදරේ! නැත්ද? " එහෙනම් මම ඒකට කියනවා විකාරයක් කියලා එකගද ? " නෑ ඒක විකාරයක් නෙමේ හැගීමක්. අපි හැමෝම ගාව තියෙන ඒත් එකකට එකක් සමාන නැති.හරියට අපි දෙන්නගේ නහයේ දිග සමාන නෑ වගේ " එ...