Posts

කපුටු සහෝදරත්වය

Image
                                                  OnePlus 7 "හැමෝම එක තැනක නතර වෙලා ඉද්දි ඇයි එක්කෙනෙක් විතරක් පියාඹන්නෙ කිටූ?" "ඒ නිදහස් උනු අය සිඟි" "ම්ම්ම්ම්ම්"  "එක 'පංතියක' නතර නොවුන අය" "අපි මොන ජාතියකවත් පංතියක නතර වෙන්න ලෑස්ති නැත්නම් අපිව කිසිම පංතියකට අයිති වෙන්න විදියකුත් නෑ" "අපිට නතරවෙන්න සිද්ධ වෙන්නෙ  කවද්ද කිටූ?"  "පිහාටු හයි වෙනකල්....කූඩුවට වෙලා කෑම කන්න Story by Shehani Kaushalya  

විදින කපුටෝ

Image
 අවුරුදු 55ක කෙනෙක් කියනවා.මට අවු.55යි.මට තියෙන්නේ තව 5යිනෙ කියලා. අවුරුදු 15ක කෙනෙක් කියනවා.මට අවු.15යිනේ තව 45ක්ම තියෙනවනේ කියලා. එතකොට අවු 30ක් කෙනෙක්                                                         OnePlus 7                      අපි මේ යන්නේ පට්ට ට්‍රිප් එකක් යාලුවෝ ටිකක් දාගෙන යන දිහා දැනගෙන කදු නගින්න යනවා වගේ නෙමේ. යන්නේ කොහෙද කියලා දන්නේ නැතිව එත් ලග ඉන්න හැමෝම එක්කන් යන ගමනක්. යාපනේ අය ගාලු යනවා.ගාලු අය යාපනෙ යනවා.මොන්ටිසෝරි ලමයි ට්‍රිප් එක්කන් යනවා. ලමයි ට්‍රිප් යනවා.ලොකු උනාම ට්‍රැවලින්.මොන ගමන උනත් යන්න, බස් එක ලගට එන්නේ අපි පාන්දර 2 ට. බස් එක මෙතනින් යන්නේ පාන්දර 6 ට. එක දවසක, පැය 24ක ගමනට අපි 2කේ ඉදන් 6 වෙනකම් බඩු පටෝනවා.පැය 24ට  පැය 4ක් බඩු පටෝනවා නම් අවු 60කට අවු 20ක් වත් පටෝගන්න ඕනි නේද? අපි එහෙම කරනව ද?                 ...

සිල් අම්ම

Image
                                                  Huwai y9                        මේක අම්මා ගැන  හරි පින් ගැන හරි කතන්දරයක්. කතන්දර නම් අහන්න ඕනි. කතාවක්නම් ඒක කියවන්න ඕනි.අහන්න ඕනි නම් කියන්න ඕනි.කියවන්න ඕනි නම් ලියන්න ඕනි.මේක කතන්දරයක්. එක අහන්න ඕනි. අහන්න ඕනේ වෙන්න එක ලියන්න ඕනි. මේක ලියන්න ඕනි අහන්න පුලුවන් වෙන්න.මේක පින ගැන කතන්දරයක්.                       අපේ අම්ම. එයා අවුරුදු 55ක් වෙනකම් සිල් ගන්න ගියේ නෑ. ඒ වුනාටඅවුරුදු 38 ඉදන් එයා පෝයට පන්සල් යනවා.පන්සල තියෙන්නේ ටිකක් එහා වත්තක.ගෙදර වත්තෙන් පැනලා.පාර පැනලා.ආයේ වත්තක් පැන්නම පන්සල.හරියටම හවස 3ට පන්සලට යන්න ඕනි.මට මල වදේ ගොඩක් වෙලාවට එයා පයින් යන්නෙ.තෙල් නෑ හුලං නෑ කියන්න වෙන මගේ දුර්වල දවස් වලට අම්මා යුද්දේ දිනනවා.එදාට මම බයික් එකේ එක්කන් යන්න ඕනි.එතකොට යන්නේ වටේ පාරෙන්.එදාට කඩේ යන්නත් ඕන...

සමාන නැති නහයේ දිග වගේ

Image
  හැමෝටම පුලුවන් ආදෙරේ කරන්න. හැමෝම  හොයන්නේ ආදරේ. කවිකාරයෝ වැඩිපුරම ලියන්නෙත් ආදරේ ගැන. ඒක මරු!! කතන්දරයක් වගේ! හරියට අපේ තාත්තා අපි නිදාගන්නකොට කිව්ව කතන්දරයක් වගේ. අවසානයක් අහන්න කලින් අපිට නින්ද යනවා. ආදරෙත් ඒ වගේ ඉවරයක් නැති එත් ආයෙත් පටන් ගන්න කතාන්දරයක්. "  ඒකට මම කිව්වොත් මිරිගුවක් කියලා එකගද?"                    අපි මවාගන්නවා දෙයක්, මේක තමා ආදරේ කියලා. කොහෙන්වත් හොයාගන්න බැරි ආදරයක්. ඊට පස්සේ අපි මවාගත්තු මිරුඟුව පස්සේ දුවනවා. මේක තමා ආදරේ කියලා. දුව දුව ඉන්නකොට අපිට හම්බුනොත් හොදම ආදරේ. අපි නවතිවීද? නෑ අපි දුවනව අල්ලන්න බැරි මිරුඟුවක් අල්ලන්න.ඒකද ආදරේ! නැත්ද?               " එහෙනම් මම ඒකට කියනවා විකාරයක් කියලා එකගද ? "                                   නෑ ඒක විකාරයක් නෙමේ හැගීමක්. අපි හැමෝම ගාව තියෙන ඒත් එකකට එකක් සමාන නැති.හරියට අපි දෙන්නගේ නහයේ දිග සමාන නෑ වගේ        " එ...

අලි තැන්පතු

Image
 මං ආසම කාලේ පුංචි කාලේ. අලි බෑග් එකක් පිටේ එල්ලං ස්කෝලෙ ඇරිල කොල්ලා ගෙදර එනවා.මොනර පැටියා ගන්නවා.                "මොනරා තමා වාහනේ"                  "අක්කගේ ලෙඩිස් බයිසිකලේ"    මොනරා පිටේ කොල්ල කෙලින්ම ඇනිකට් එකේ  රෝස් පානුයි හකුරුයි කලා නාල පීනල බල්ටි ගහල හවස හයට ගෙදර ඇවිත් කලා නාලා බුදි!! ඕක තමා අපේ පුංචි කාලේ කවුරුත් ආස කරන අපි හැමෝම ගාව කතන්දරයක් වෙලා තියෙන අපේ කෙලිලොල් කාලේ                   "ඒ කාලේ අලි ප්‍රශ්න"            " කොහොමද හවසට පහේ අයිස් එකක් කන්නේ"                                        අලි බෑග් එක පොතු බෑග් එකක් වෙනවා වගේ දුව දුව හිටපු අපි ඇවිදින්න ගත්තා හරිම ඉක්මන් ඒත් ඒ නිදහසට අපි ආදෙරෙයි  අලි ප්‍රශ්න නෑ අලි බෑග් එකයි අලි නිදහසයි මරු! ඒක තමා අපේ කෙලිලොල් කාලේ !!     ...

බෝට්ටුවක් ඕනිද

Image
 " "මුහුදු යන්න බෝට්ටුවක් ඕනිමද ? " "මේ තියෙන්නේ බෝට්ටුවක් " "හී හී මේක බෝට්ටුවක් ද? මේක හොදයි කබඩ් එකෙන් තියන්න" "නෑ මේක විශ්වාසයක් " "විශ්වාසෙන් මුහුදු යන්න බෑ!! බෝට්ටුවක් ඕනී" "බෝට්ටුවෙන් මුහුද යන්න බෑ!! විශ්වාසක් නැතිව මුලින් විශ්වාසයක් හදා ගන්න පස්සෙ මුහුද යන්න "                                                                         විශ්සවාසෙකට පුලුවන් හොදම දේ තමා අපිව දිරිමත් කරන එක.අපි ආස කරන දේවල් අපි දකින හීන ගැන අපි විශ්වාස කරන තරමටම අපිට පුලුවන් ඒවා ඉක්මනට හැබෑ කරගන්න. ඔයාට ඕනි මුහුද යන්නනම්, ඔයා ගාව එකට තියෙන්නෙ සෙල්ලම් බෝට්ටුවක් නම්, ඔයා විශ්වාස කරන්න කවද හරි ලොකු බෝට්ටුවක් ගන්නවා කියල. හීන බලන්න බලපු හීන විශ්වාස කරන්න. ඔයා කවද හරි ලොකු බෝට්ටුවක් ගනීවි, මුහුදු යාවි. ඒ ඔයා ඔයාව විශ්වාස කරපු හින්දා. හැම ලොකු කතාවකම මුල තියෙන්නේ පුංචි විශ්වාසයක්!  ප්‍රතිරෝදය වැඩි කම්බියකින් විදුලිය සම...

මලක් මලක් මම මලක් දවල් පිපෙන රතු මලක්

Image
  මල් කියන්නෙ හරි අමුතු දෙයක්.ස්වාභාවධර්මය හදපු අමුතුම විදියේ දෙයක්.සුවද මල් තියෙනවා. කිසිම සුවදක් නැති ඒත අමුතුම ලස්සන මල් තියෙනවා. සරලව කිව්වොත හැම මලක්ම අමුතු කතවක අයිතිකාරයෙක් වෙනවා. එ හැම දෙයක්ම හරිම අමුතුයි. පුදුමයි! හරි සරලයි! දෙයක් පුදුම වෙන්නෙත් අමුතු වෙන්නෙත් අපි ඒ ගැන දන්න ප්‍රමාණයත් එක්ක. අපි ගොඩක් දේවල් දන්නේ නැත්නම් අපි ඒ ගැන පුදුම වෙනවා. හරිම අමුතු කතාවක් කියනවා. ඒ කියන්නේ මේ මල් කියන කතාව අපි දන්නවා අඩුයි. අපි දන්නව අඩුයි නෙමේ අපි මලේ ලස්සනට රැවටුනාම ඒ කතා අහන්න කිසිම උවමනාවක් නෑ. ඒ හින්දා අපිට හැම මලක්ම ලස්ස්නයි.සමහර මල් අවලස්සන උනත් අපිට ලස්සනයි. මල් තරම් බොරු කරයෝ වෙන කොහෙවත් නෑ. එයාල බොරු කියනවා නෙමෙ අපි එයාලගෙ කතා අහන්නේ නෑ. අපි එයාලගේ ලස්සන බොරුවට රැවෙටෙනවා      මේ ඉන්නේ එ වගේ බොරුකාර මලක් අහනවද ඒ මලේ බොරුව එකක් 10යයි මිටියක් 50යි  

PAGE viewers

Followers