සිල් අම්ම
Huwai y9
මේක අම්මා ගැන හරි පින් ගැන හරි කතන්දරයක්. කතන්දර නම් අහන්න ඕනි. කතාවක්නම් ඒක කියවන්න ඕනි.අහන්න ඕනි නම් කියන්න ඕනි.කියවන්න ඕනි නම් ලියන්න ඕනි.මේක කතන්දරයක්. එක අහන්න ඕනි. අහන්න ඕනේ වෙන්න එක ලියන්න ඕනි. මේක ලියන්න ඕනි අහන්න පුලුවන් වෙන්න.මේක පින ගැන කතන්දරයක්.
අපේ අම්ම. එයා අවුරුදු 55ක් වෙනකම් සිල් ගන්න ගියේ නෑ. ඒ වුනාටඅවුරුදු 38 ඉදන් එයා පෝයට පන්සල් යනවා.පන්සල තියෙන්නේ ටිකක් එහා වත්තක.ගෙදර වත්තෙන් පැනලා.පාර පැනලා.ආයේ වත්තක් පැන්නම පන්සල.හරියටම හවස 3ට පන්සලට යන්න ඕනි.මට මල වදේ ගොඩක් වෙලාවට එයා පයින් යන්නෙ.තෙල් නෑ හුලං නෑ කියන්න වෙන මගේ දුර්වල දවස් වලට අම්මා යුද්දේ දිනනවා.එදාට මම බයික් එකේ එක්කන් යන්න ඕනි.එතකොට යන්නේ වටේ පාරෙන්.එදාට කඩේ යන්නත් ඕනි. සීනී කිලෝ 3ක් ගන්න ඕනි එයාට. ඒකම තමා එදාට යුද්දේ සැර ඔච්චර.එයා පන්සලට යන්නේ ගිලන්පස හදන්න සිල් අම්මලාට.එක දවසක තේ. ආයේ දවසක් බෙලි. ඊලග මාසේ කොත්තමල්ලි.ඊට පස්සේ කොහෙන් හරි හම්බුනු රණවරා වගයක්. හැම මාසේම අලුත් දෙයක්.අවුරුද්දකට විතර කලින් බීපු එකක් බොන මාසත් තියෙනවා.කොහොමහරි මේක අවුරුද්දක වට්ටෝරුවක්.හරියටම මාසයක් අපේ ගෙදර මිනිස්සුත් අම්මගේ මේ ස්පෙෂල් බීම එක බොනවා.එයාගෙ මසෙ පටන් ගන්නේ පෝයට. හිතන්නකෝ එක දිගට මාසයක් කොත්තමල්ලි බොනවා අපි.
මම දෙයියන්ට කිව්වා. දෙයියනේ! වෙන්වැල්ගැට නම් මතක් වෙන්න එපා.
එයා ගිලන් පසට ඕනි හින්දා හදනවද? අපිට බොන්න ඕනි හින්දා හදනවද ? හිතාගන්න බෑ! හිතන්න පොඩ්ඩක්. පිනට ද ! අපිට ද!
අන්න එහෙමයි එයාලා පින් කරේ.එයාලගෙ ඒ වගේ පින් වැඩ කෝටියයි.සින්ක් එක යටින් වතුර භාජන තියන් නෑ ඒවට වතුර බොන්න එන මැස්සෝ වැටනවලු. බල්ලත් හැමදාම බත් කනවා අම්මට පින් සිද්ද වෙන්න.55න් තමා එයාලා සිල් ගන්නේ
මගේ උන්.උන්ට හෙන වැඩ.ඉස්කෝලේ වැඩ.ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ.විභාග වැඩ.ජොබ් වැඩ. බිස්නස් වැඩ.ඊට පස්සෙ ළමයින්ගේ වැඩ. මගේ උන් නම් ගොඩක් දැන් ළමයින්ගේ වැඩ.අබරවල කරල කරකවල මතුකරලා හොයා ගන්න සල්ලී කෝටියකින් පස්සේ හම්බෙලා කලා බීලා පාටි දාලා සෙට් එකම සල්ලි දාලා ලොකූ පන්සලක් හදනවා. හන්දියේ පිලිමයක් හදනවා. කන්න හෙව්වද සලලි! පින් කරන්න හෙව්වද සල්ලි ?
එකෙනුත් අම්මේ උබටමයි කරදරේ.ටවුන් එකේ ඉදන් බස් එකේ එනකොට උබේ අත නලෙලමයි.ඒ තරමටම පාරේ බුදු පිලිම.පිලිම හදපු අය එයාලත් අවු 35න් එනව පන්සලට සිල් ගන්න. එත් මදිනම් මහන වෙන්න.
55න් හරි ඔයත් යන්න සිල් ගන්න.35 අයට පින් කරන්න කියල දෙන්න.ගිලන්පස වට්ටෝරුව. ඒකත් කියල දෙන්න.

ඒක ❤️
ReplyDelete